27 April 2024
#දේශීය

සජිත් පිලේ 99 ක් එජාපයෙන් එලියට – ජාතික ආණ්ඩුවකට එකඟතාවයක් නෑ

සමගි ජන බලවේගය පක්‍ෂයෙන් මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාර දුන් 99 ක් එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇත.

අද (29) එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මේ බව දැනුම් දී තිබේ.

එක්සත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේ ජාතික ආණ්ඩුවක් සඳහා කිසිදු එකඟතාවයක් ගෙන නොමැති බව වාර්තා වේ.

එසේම මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ කත්‍යාධිකාරි මණ්ඩලයට නව සාමාජිකයින් 8 දෙනෙකු පත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

 

 

 

 

 

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *