ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රබල සාමාජිකයෙකු ලෙස සැලකෙන මහ්දි රසූලි (Mehdi Rasouli) ඝාතනය කර ඇති බවට ඊශ්‍රායල බුද්ධි අංශ ක්‍රියාකාරකම් වාර්තා කරන සමාජ මාධ්‍ය ජාලා මගින් තොරතුරු අනාවරණය කර තිබේ. ඔහු ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා මුදලක් (Bounty) ප්‍රකාශයට පත් කළ අයෙකු ලෙස ජාත්‍යන්තර අවධානයට ලක්ව සිටි පුද්ගලයෙකි.
මහ්දි රසූලිගේ මෙම ප්‍රකාශයන් සහ තර්ජනයන් හේතුවෙන් ඔහු කාලයක් තිස්සේ බටහිර බුද්ධි අංශවල දැඩි නිරීක්ෂණයට ලක්ව සිටි බව වාර්තා වේ. පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ ඉරාන හමුදා ඉහළ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට විශ්වාස කෙරේ.
කෙසේ වෙතත්, මෙම ඝාතනය සම්බන්ධයෙන් ඉරාන රජය හෝ ස්වාධීන ජාත්‍යන්තර පුවත් සේවා මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැත. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ප්‍රධානීන් රැසක් පසුගිය දින කිහිපය තුළ ඝාතනයට ලක්වීමත් සමඟ, මෙම පුවත ද කලාපීය ආරක්ෂක තත්ත්වය තවදුරටත් සංකීර්ණ කිරීමට හේතු වී තිබේ.
උපුටා ගැනීම: @MOSSADil (X) / Israel Radar














