පසුගිය සෙනසුරාදා දහවල් කාලයේ සිට අතුරුදන්ව සිටි 61 හැවිරිදි ප්‍රකෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුර නීලගම ප්‍රදේශයේ පතල් වළක තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබේ. කහවත්ත කට්ටන්ගේ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන මොහු කහවත්ත සහ නීලගම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අභිරහස් ලෙස අතුරුදන්ව සිටියේය.
මූලික පරීක්ෂණවලට අනුව මොහු ගමන් ගත් යතුරුපැදිය එම මාර්ගයේම වංගුවක් අසල දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. එමෙන්ම ඔහු භාවිතා කළ ජංගම දුරකථනය ද අසල පිහිටි තේ වත්තක තිබී ඉකුත් ඉරිදා දින සොයා ගැනීමට පොලිසිය සමත් විය. මෙම මරණය ඝාතනයක් ද නැතිනම් වෙනත් අනතුරක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව කහවත්ත පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම සිදුවීමත් සමඟ කහවත්ත ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් අතර දැඩි නොසන්සුන්තාවයක් සහ බියක් හටගෙන තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ වහාම මෙම අභිරහස් මරණයට හේතුව අනාවරණය කර සැකකරුවන් සිටී නම් ඔවුන් නීතිය හමුවට පැමිණවිය යුතු බවයි.














