කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන ඩීසල් ඇතුළු ඉන්ධන සපයා ගැනීමේදී වත්මන් රජය යටතේ ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවට ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති.
ගොවියා රජ කරවනවායැයි පවසමින් බලයට පත් වූ රජයමේ වන විට වගා කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට පැහැදිලි සහ සරල ක්‍රමවේදයක් සකස් කර නොදීම හේතුවෙන් තමන් පීඩාවට පත්ව සිටින බව ඔවුහු පෙන්වා දෙති. විශේෂයෙන්ම ට්‍රැක්ටර් රථ, ජල පොම්ප සහ අස්වනු නෙළන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම නිසා වගා කටයුතු රැසක් ප්‍රමාද වී තිබේ.
මේ හේතුවෙන් ගොවීන්ට අවශ්‍ය ඉන්ධන සහන මිලකට හෝ කිසිදු බාධාවකින් තොරව ලබාගත හැකි වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා කඩිනම් සහ විධිමත් බලපත්‍ර ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ගොවි ජනතාව බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිති.
















