මෙරට රැකියා වෙළෙඳපොළ තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රථම රැකියා සෙවීමේ ඩිජිටල් වේදිකාව ලෙස ‘HotJobs’ පසුගියදා නිල වශයෙන් දියත් කෙරිණි.
මෙමඟින් වේගයෙන් වෙනස් වන රැකියා ක්ෂේත්‍රය තුළ සේවා යෝජකයන් සහ රැකියා අපේක්ෂකයන් වඩාත් බුද්ධිමත් හා කාර්යක්ෂම ලෙස එකිනෙකා හා සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වේ. සේවා ආයතනවලට තමන්ට ගැළපෙනම දක්ෂයන් පහසුවෙන් හඳුනා ගැනීමටත්, රැකියා අපේක්ෂකයන්ට තම සුදුසුකම්වලට සරිලන අවස්ථා කඩිනමින් සොයා ගැනීමටත් මෙම නව්‍ය තාක්ෂණික පද්ධතිය මඟින් මඟ පෙන්වනු ඇත.
HotJobs යනු InTalent Asia සහ InspireX යන ආයතනවල සහයෝගීතාවයෙන් පිහිටුවන ලද Careers360 Sri Lanka නම් නව මානව සම්පත් කේන්ද්‍රීය සමාගම මඟින් එළිදක්වන ලද ප්‍රථම නිෂ්පාදනයයි. බඳවා ගැනීමේ ක්‍රියාවලීන් සඳහා පවතින අවශ්‍යතාවන්ට සරිලන ලෙස මෙය නිර්මාණය කළ බව HotJobs සහ InTalent Asia හි ප්‍රධාන විධායක නිලධාරිනී හේෂාණි කෞමදී මහත්මිය සඳහන් කළාය. ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ මානව සම්පත් වෘත්තිකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම දියත් කිරීමේ උළෙලින් අනතුරුව ‘ශ්‍රී ලංකාවේ රැකියා බඳවා ගැනීමේ අනාගතය සහ ශ්‍රම බලකායේ නවෝත්පාදනයන්’ පිළිබඳව විශේෂ විද්වත් සාකච්ඡාවක් ද පවත්වා තිබේ.














