එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය (Ministry of Interior) විසින් රජයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මහජනතාවගේ පෞද්ගලික දත්ත සොරා ගැනීමට උත්සාහ කරන ජංගම දුරකථන කෙටි පණිවිඩ වංචා පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මෙම වංචනික පණිවිඩ හරහා පාරිභෝගිකයන් නීතිමය උල්ලංඝනයන් සිදු කර ඇති බවට අසත්‍ය තොරතුරු පවසමින් ඔවුන්ව බිය ගන්වා දත්ත ලබා ගැනීමට උත්සාහ කරන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි
අමාත්‍යාංශය අවධාරණය කරන්නේ කිසිදු හේතුවක් මත මෙවැනි සැක සහිත පණිවිඩවලට ප්‍රතිචාර නොදක්වන ලෙසත්, පෞද්ගලික හෝ මූල්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසත්ය. විශේෂයෙන්ම එවැනි පණිවිඩවල අඩංගු සැක සහිත ලින්ක් (Links) ක්ලික් නොකිරීමට වගබලා ගත යුතුය. නිවැරදි සහ නිල තොරතුරු ලබා ගැනීම සඳහා රජයේ නිල සන්නිවේදන මාර්ග පමණක් භාවිතා කරන ලෙසත්, සයිබර් වංචාකරුවන්ට හසු නොවන ලෙසත් බලධාරීන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන සියලුම වැසියන්ගෙන් ඉල්ලා සිටී. අබුඩාබි රේගු දෙපාර්තමේන්තුව ද මීට පෙර මෙවැනිම වංචාවන් පිළිබඳව ජනතාව දැනුවත් කර තිබුණි.














