2026 වර්ෂය සඳහා පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (5 සහ 6 ශ්‍රේණි හැර) අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් ලබන අප්‍රේල් මස 27 වනදාට පෙර යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ සම්බන්ධයෙන් 2026.03.31 දිනැති අංක 09/2026 දරන නව චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබේ.
අයදුම් කිරීමට අපේක්ෂා කරන සියලුම අයදුම්කරුවන් අදාළ චක්‍රලේඛයේ සඳහන් ආකෘති පත්‍රය සම්පූර්ණ කර, අවශ්‍ය සියලුම අතිරේක ලේඛන ද සමඟ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලියාපදිංචි තැපෑලෙන් පමණක් යොමු කළ යුතුය. සෘජුව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කරන අයදුම්පත් සලකා බලනු නොලැබේ.
2026.01.31 දිනට ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු ලේඛනය මේ වන විට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත. දෙමාපියන්ට සහ සිසුන්ට එම වෙබ් අඩවියට පිවිස අදාළ පුරප්පාඩු පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.













