දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අර්ධ වශයෙන් හානි සිදුවූ නිවාස 274ක් සඳහා ආධාර ලබාදීම නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ මෙලෙස අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදලක් ආධාර වශයෙන් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මෙහිදී මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 50ක් සඳහා ප්‍රථම අදියර යටතේ රුපියල් ලක්ෂ 3 බැගින්ද, දෙවන අදියර යටතේ රුපියල් ලක්ෂ 2 බැගින්ද ලබාදීමට නියමිතයි. මීට සමගාමීව මෙම ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් නොමිලේ ඇස් කන්නාඩි ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. මේ අතර දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් පන්නල, නාලවලාන වෙල්කම් වැඩිහිටි ගම්මානයේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ වැඩිහිටියන් 12 දෙනෙකුට සහ එම ගම්මානයේ නිර්මාතෘවරයා වූ නෙදර්ලන්ත ජාතික හර්මන් ස්ටුවට් මහතාට පින් පැමිණවීම අරමුණු කර ගනිමින් විශේෂ දානමය පින්කමක්ද පවත්වා තිබෙනවා. වැඩිහිටි මහ ලේකම් කාර්යාලය, සමාජ සුබසාධන අමාත්‍යාංශය සහ පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම පුණ්‍යකර්මය සංවිධානය කර තිබුණා.














