අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ යටතේ ඊයේ (02) දිනය පුරා ක්‍රියාත්මක වූ විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවකදී පුද්ගලයින් 512 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 29,033ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් 10 දෙනෙකු අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර සාමාන්‍ය වරෙන්තුකරුවන් 222ක් සහ විවෘත වරෙන්තුකරුවන් 136 දෙනෙකු ද වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිදුකළ රථවාහන මෙහෙයුම්වලදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 115 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 110 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව අනෙකුත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,498 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ. දිවයින පුරා අපරාධ අවම කිරීම සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම අරමුණු කරගනිමින් මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.














