මට්ටක්කුලිය පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නව දෙනෙකු (09) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. පසුගිය මාර්තු 31 වැනිදා රාත්‍රියේ සිදුවූ මෙම සාහසික ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය විසින් ආරම්භ කරන ලද විශේෂ විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.
ඊයේ (02) දින ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් මෙහෙයුමකදී අපරාධය සිදුවූ ප්‍රදේශයේදීම මෙම සැකකරුවන් පිරිස කොටු කර ගැනීමට හැකිවූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19ත් 40ත් අතර වයස්වල පසුවන මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව තහවුරු වී තිබේ.
පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැක කෙරෙන අතර මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි. ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් මුර සංචාර ද දැඩි කර ඇති බව වාර්තා වේ.














