මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය ගැටුම් මධ්‍යයේ පසුගිය සිකුරාදා දිනයේදී ඇමරිකානු ඒ 10 (A-10) වර්ගයේ ප්‍රහාරක යානයක් ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති මඟින් එල්ල කළ ප්‍රහාරයකින් විනාශ වී ඇති බව ඇමරිකානු බලධාරීන් තහවුරු කර තිබේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී මෙම ප්‍රහාරය සිදුව ඇති අතර වෝට්හෝග් (Warthog) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම යානය තනි නියමුවෙකු සහිත ප්‍රහාරක යානයකි යානය කඩා වැටීමට පෙර එහි නියමුවා ආරක්ෂිතව ඉවතට පැන ඇති අතර පසුව ඔහුව බේරා ගැනීමට ඇමරිකානු සහායක කණ්ඩායම් සමත් වී ඇති බව වාර්තා වේ
මෙය සිකුරාදා දිනය තුළ ඇමරිකාවට අහිමි වූ දෙවන ප්‍රහාරක යානය වන අතර මීට පෙර එෆ් 15 (F-15) වර්ගයේ යානයක් ද ඉරානය තුළදී වෙඩි තබා බිම හෙළන ලදී එම යානයේ සිටි එක් නිලධාරියෙකු බේරාගෙන ඇති නමුත් දෙවන නිලධාරියා පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත ඊශ්‍රායල හමුදා නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ අතුරුදන් වූ නියමුවා සෙවීමේ මෙහෙයුම් සඳහා ඊශ්‍රායලය ද සිය සහාය ලබා දෙන බවයි සති පහක් තිස්සේ පවතින මෙම යුද්ධයේදී ඇමරිකානු යානයක් ඉරාන භූමිය තුළදී විනාශ වූ පළමු අවස්ථාව මෙය ලෙස ද සැලකේ
සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන දර්ශනවල දැක්වෙන්නේ ඇමරිකානු ඩ්‍රෝන යානා හෙලිකොප්ටර් සහ අනෙකුත් ගුවන් යානා ඉරානයේ කඳුකර ප්‍රදේශවල අතුරුදන් වූ නියමුවා සෙවීම සඳහා මෙහෙයුම්වල නිරත වන අයුරුයි මෙම ප්‍රහාර මාලාවත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් සංකීර්ණ වී ඇති අතර ඇමරිකාව සිය ගුවන් බලය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටී ඉරානය සිය ගුවන් සීමාව දැඩි ලෙස ආරක්ෂා කිරීමට කටයුතු කිරීම නිසා ඉදිරි දිනවලදී මෙවැනි ගැටුම් තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි














