යුරෝපා සංගමයේ කෘෂිකාර්මික අරමුදල් අවභාවිත කිරීමේ මහා පරිමාණ වංචාවක් අනාවරණය වීමත් සමඟ ග්‍රීසියේ කෘෂිකර්ම සිවිල් ආරක්ෂක සහ සෞඛ්‍ය යන අමාත්‍යංශවල ප්‍රධානීන් තිදෙනෙකු පසුගිය සිකුරාදා සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ මෙම දේශපාලන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි නව කැබිනට් සංශෝධනයක් සිදු කර ඇති බව රජයේ ප්‍රකාශක පව්ලොස් මරිනාකිස් (Pavlos Marinakis) තහවුරු කළේය යුරෝපා පොදු අභිචෝදක කාර්යාලය විසින් ග්‍රීක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ මුක්තිය ඉවත් කරන ලෙස කළ ඉල්ලීමත් සමඟ මෙම පරීක්ෂණ තවදුරටත් දැඩි වී ඇත
මෙම වංචාව සිදුව ඇත්තේ වාර්ෂිකව යුරෝ බිලියන ගණනක සහනාධාර බෙදා හරින ග්‍රීසියේ ඕපීඊකේඊපීඊ (OPEKEPE) ආයතනය හරහා බව විමර්ශනවලදී හෙළි වී තිබේ සංවිධානාත්මක අපරාධ කල්ලි සහ රජයේ නිලධාරීන් එක්ව මෙම මුදල් වංචා කර ඇති අතර ඒ හේතුවෙන් 2025 වසරේදී යුරෝ මිලියන 392 ක දැවැන්ත දඩයක් ද ග්‍රීසියට පැනවීමට යුරෝපා සංගමය පියවර ගත්තේය මෙම දඩය සහ සහනාධාර ප්‍රමාද වීම නිසා ග්‍රීක ගොවීන් පසුගිය කාලය පුරා දැඩි විරෝධතාවල නිරත වූ අතර අවසානයේ එම ආයතනය ද විසුවා හැරීමට රජයට සිදු විය
නව කැබිනට් සංශෝධනය යටතේ යුරෝපා කොමිසමේ හිටපු උප සභාපති මාගරිටිස් ෂිනාස් (Margaritis Schinas) කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් කර ඇති අතර සිවිල් ආරක්ෂක අමාත්‍යංශය සඳහා එවන්ජෙලොස් ටූර්නාස් (Evangelos Tournas) පත් කර තිබේ මෙම දූෂණ වංචාව හෙළිවීමත් සමඟ ග්‍රීසියේ පාලන තන්ත්‍රය සහ දේශපාලන සබඳතා පිළිබඳව මහජනතාව තුළ දැඩි විවේචනයක් එල්ල වී ඇති අතර පරීක්ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ ඉදිරි සති කිහිපය තුළ මෙයට සම්බන්ධ තවත් ඉහළ පෙළේ පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවතින බව ද වාර්තා වේ














