පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන සභාව කල් තබන අවස්ථාවේ විවාදය එළැඹෙන බ්‍රහස්පතින්දා (09) පස්වරු 2.00 සිට 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාවකට අනුව පැවැත්වෙන මෙම විවාදය, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන 14 වැනි විවාදය වීම විශේෂත්වයකි.
එදින පෙරවරු 11.30 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ ත්‍රිවිධ හමුදා පනත් යටතේ වන නියෝග කිහිපයක් ද විවාදයට ගැනීමට නියමිතය. ඒ අනුව යුද්ධ හමුදා පනත, නාවික හමුදා පනත සහ ගුවන් හමුදා පනත යටතේ වන නව නියෝග පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇත. පාස්කු ප්‍රහාරය පිළිබඳ යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් වන මෙම විවාදය පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමුව තිබේ.















