ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හඳුනාගත් මෙම සියලුම ජාවාරම්කරුවන් මේ වන විට විදෙස් රටවල සැඟව සිටින බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය අඛණ්ඩව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්ය. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටුපස දේශපාලනඥයන්ගේ දායකත්වය පැවති බවත්, එය ප්‍රසිද්ධ රහසක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර, ළමා කාලයේදී ශාරීරික හා මානසික හිංසනයන්ට ලක්වන දරුවන් අනාගතයේදී ප්‍රචණ්ඩත්වයට සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය පෙන්වා දෙයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ දරුවන් මත්ද්‍රව්‍යවලට නැඹුරු වීම වැළැක්වීම සඳහා ඔවුන් කුඩා කල සිටම හිංසනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම අතිශය වැදගත් වන බවයි.














