ඉරාන අගනුවර වන තෙහෙරාන් (Tehran) නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල අද (අප්‍රේල් 07) උදෑසන අතිශය ප්‍රබල පිපිරීම් මාලාවක් සිදුව ඇති බව අල් ජසීරා (Al Jazeera) ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අවම වශයෙන් දැවැන්ත පිපිරීම් තුනක් තෙහෙරාන් නගරය තුළ සිදුව ඇති අතර, ඉන් අනතුරුව ඉරාන අගනුවර අහසේ ප්‍රහාරක යානා පියාසර කරනු දක්නට ලැබුණු බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම ප්‍රහාරයන් එල්ල වීමට සුළු මොහොතකට පෙර ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) සිය පර්සියානු භාෂාවෙන් ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඉරාන වැසියන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණි. එහි සඳහන් වූයේ ඉරානය පුරා පවතින දුම්රිය මාර්ග සහ දුම්රිය පද්ධති භාවිතයෙන් වළකින ලෙසයි. ඉරාන වේලාවෙන් අද රාත්‍රී 9:00 (පෙ.ව. 21:00) වන තෙක් දුම්රිය ස්ථාන අසල රැඳී සිටීම ජීවිත අවදානමකට හේතු විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
මෙම නවතම ප්‍රහාරයන් හමුවේ තෙහෙරාන් නගරයේ පිහිටි සිනගෝගයක් (Synagogue) ඇතුළු ගොඩනැගිලි කිහිපයකට දැඩි හානි සිදුව ඇති බවටද තහවුරු නොකළ වාර්තා පළ වේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට පනවා ඇති අවසාන නිවේදනය (Deadline) අවසන් වීමට නියමිතව ඇත්තේ අද දිනයේ බැවින්, කලාපීය යුදමය තත්ත්වය ඕනෑම මොහොතක මහා පරිමාණ යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් පවතී.
මුලාශ්‍රය – Al Jazeera / Reuters / The Times of Israel














