සූර්යයාගේ උතුරු දෙසට සිදුවන සාපේක්ෂ ගමන හේතුවෙන් අද (09) දහවල් 12:12 ට පමණ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හිරු ඍජුවම මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙලෙස හිරු මුදුන් වන ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත්තේ හලාවත, බිංගිරිය, හල්මිල්ලවැව, පඬුවස්නුවර, ගොකරැල්ල, කවුඩුපැලැල්ල, කොප්පාවෙලි සහ කිරන්කුලම් යන ප්‍රදේශයි.
මෙම වසරේ අප්‍රේල් 05 වනදා සිට 15 වනදා දක්වා කාලය තුළ හිරු ශ්‍රී ලංකාවට ඉහළින් විවිධ අක්ෂාංශවලට මුදුන් වන අතර, මෙම අවස්ථාවේදී සූර්යයා හරියටම හිසට ඉහළින් පිහිටන බැවින් සිරස් වස්තූන්හි සෙවණැලි ඉතා කුඩා වීම හෝ සම්පූර්ණයෙන්ම නොපෙනී යාම සිදුවේ. මෙය පෘථිවියේ ඇලවීම සහ සූර්යයා වටා යන කක්ෂය නිසා වසරකට දෙවතාවක් සිදුවන ස්වභාවික සංසිද්ධියක් බව බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.














