කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීන පහසුකම් සහිත ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතිය අද (09) පෙරවරු 9.00 ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය හා තාක්ෂණික දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ සුවපහසු සේවාවක් සැපයීම අරමුණයි.
මෙම නවීකරණ කටයුතුවලදී දුම්රිය ස්ථානයේ පෞරාණික ගෘහ නිර්මාණ ලක්ෂණ ආරක්ෂා කර ගැනීමට විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, නවීන තාක්ෂණික අංග සහ මගී පහසුකම් එක් කිරීමට සැලසුම් කර ඇත. උතුරු දුම්රිය මාර්ගය අද සිට යළි විවෘත කිරීමත් සමඟ මෙම නවීකරණ කටයුතු ඇරඹීම දුම්රිය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් ලෙස සැලකේ.














