කොළඹ ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජ ශාලාවක හිමිකරුවෙකු දණගස්වා, හිසකෙස් කපා දමා මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් වාර්තා වේ. මෙම ප්‍රහාරය මෑතකදී අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ටෙලි නළුවෙකුගේ පුත්‍රයෙකු විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
පසුගිය 7 වැනිදා රාත්‍රියේ සිදුවූ මෙම ප්‍රහාරය අතරතුර, මැර කණ්ඩායම විසින් ව්‍යාපාරිකයාට වධ හිංසා පමුණුවන අයුරු ජංගම දුරකථනයක් ඔස්සේ ඩුබායි හි සිටින අදාළ පුද්ගලයාට සජීවීව (Live) නරඹන්නට සලස්වා ඇත. මෙය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ‘වැල්ලේ සාරංග’ නැමැති පාතාල කල්ලිය විසින් අදාළ නළුවාගේ පුත්‍රයාගේ සමාජ ශාලාවකට එල්ල කරන ලද ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස සිදු කර ඇති බවට සැක කෙරේ. විදේශගතව සිට මෙරට ව්‍යාපාරිකයන් බිය ගන්වන මෙම අපරාධකරුවන් සහ ඔවුන්ගේ දේශීය සහචරයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.














