ඊශ්‍රායල රජය පනවා ඇති දැඩි සීමා කිරීම් හේතුවෙන් ගාසා තීරය පුරා උග්‍ර පාන් හිඟයක් නිර්මාණය වී ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. අමෙරිකානු මැදිහත්වීමෙන් ඇති කරගත් සටන් විරාමයට මාස හයක් ගත වී ඇතත්, ගාසා තීරය වෙත පිටි, ඉන්ධන සහ මුදල් ගලා ඒම තවමත් අඩාල වී පවතී.
මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ වැසියන්ගේ ප්‍රධාන ආහාරය වන පාන් නිෂ්පාදනය කිරීමට නොහැකිව බේකරි හිමියන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති. ඉරානයට සහ ලෙබනනයට එල්ල කරන ප්‍රහාරයන්ට සමගාමීව, ඊශ්‍රායලය විසින් ගාසා තීරයට සහ බටහිර ඉවුරට ද අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, මෙම සම්බාධක හමුවේ ගාසා වැසියන්ගේ දෛනික ජීවිතය සහ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම දිනෙන් දින දුෂ්කර වෙමින් පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.














