වියට්නාම ජාතිකයන් නීති විරෝධී ලෙස යුරෝපය හරහා බ්‍රිතාන්‍යයට රැගෙන ගිය ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යුරෝපා සංගමයේ පොලිස් බලකාය වන Europol සමත්ව තිබේ. ඉකුත් මාර්තු 30 වැනිදා ප්‍රංශය මූලික වී සිදු කළ විශේෂ මෙහෙයුමකදී ජාවාරම්කරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබූ විදේශ ගමන් බලපත්‍ර, වාහන සහ මුදල් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම ජාවාරම්කරුවන් එක් අයෙකුගෙන් යුරෝ 22,000 ක පමණ මුදලක් අය කරමින් මසකට අවම වශයෙන් සංක්‍රමණිකයන් 15 දෙනෙකු පමණ මෙලෙස හොර රහසේ ප්‍රවාහනය කර ඇති බව හෙළි වී තිබේ. මොවුන් හංගේරියාව හරහා යුරෝපයට ඇතුළු වී, පසුව ප්‍රංශය හරහා කුඩා බෝට්ටු මගින් බ්‍රිතාන්‍යය වෙත සංක්‍රමණිකයන් යැවීමේ නිරතව සිට ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර ජර්මනියේ සහ හංගේරියාවේ සිටි මෙම ජාලයේ ප්‍රධාන පෙළේ සංවිධායකයන් දෙදෙනෙකු ද වන බව Europol නිවේදනය කළේය.














