2026 වසර සඳහා වන වෙළෙඳ නිවාඩු ලැයිස්තුව තහවුරු කරමින් කම්කරු කොමසාරිස් ජනරාල් එන්.ඒ.පී. රණවක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. විශේෂයෙන්ම වෙසක් පුර පසළොස්වක පෝය දිනය (මැයි 30) සහ වෙසක් පෝය පසුදින නිවාඩුව සම්බන්ධයෙන් පැන නැගුණු විමසීම්වලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ 2026 වෙසක් පෝය පසුදින වෙළෙඳ නිවාඩුව 2026 මැයි මස 02 වනදා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.
1934 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවකයන් පිළිබඳ පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව සහ මීට පෙර නිකුත් කරන ලද ගැසට් නිවේදනවලට අනුකූලව 2026 වසර සඳහා තහවුරු කර ඇති වෙළෙඳ නිවාඩු 08 මෙසේය:ජනවාරි 15 – දෙමළ තෛපොංගල් දිනය,පෙබරවාරි 04 – නිදහස් දි,අප්‍රේල් 13 – සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර දින,අප්‍රේල් 14 – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය,මැයි 01 – ලෝක කම්කරු දිනය,මැයි 02 – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දින
,මැයි 26 – මෙහොමඩ් නබි නායකතුමාගේ උපන් දිනය (මිලාදුන් නබි),දෙසැම්බර් 25 – නත්තල් දිනය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ද තහවුරු කර ඇත්තේ 2026 නිවාඩු සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනය කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක වන බවයි. එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේ නිවාඩු පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවන මෙවැනි වකවානුවක, වසරේ ඉදිරි නිවාඩු දින පිළිබඳව මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කිරීම සේවක හා පාලනාධිකාරී යන දෙපාර්ශවයටම සිය කටයුතු සැලසුම් කර ගැනීමට මහත් පිටුවහලක් වනු ඇත.













