2026 වසරේ මාර්තු මාසය තුළ විදේශ ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 814.8ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය පසුගිය 2025 වසරේ මාර්තු මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 693.3ක ප්‍රේෂණ ප්‍රමාණය සමඟ සැසඳීමේදී ඩොලර් මිලියන 121.5ක කැපී පෙනෙන වර්ධනයකි.
මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව 2026 වසරේ පළමු කාර්තුව, එනම් ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරටට එවා ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.29ක් ලෙස සටහන් වේ. මෙය පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 26.5ක ඉහළ යාමක් වන අතර, රටේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට මෙම ප්‍රවණතාවය සෘජුවම දායක වී තිබේ.














