අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පාකිස්ථානයේදී පැවැත්වෙන සාම සාකච්ඡාවල ප්‍රගතියට වොෂින්ටනය ඉදිරිපත් කරන ‘අසීමිත ඉල්ලීම්’ බාධාවක් වී ඇති බව ඉරාන මාධ්‍ය අද (12) වාර්තා කළේය. දෙරට අතර පැවැත්වෙන මෙම සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වුවද, ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ඇතැම් කොන්දේසි ඉරාන පාර්ශවය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
විශේෂයෙන්ම උපායමාර්ගිකව ඉතා වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) වත්මන් තත්ත්වය සහ එහි ආරක්ෂාව පිළිබඳව දෙපාර්ශවය අතර බරපතල එකඟ නොවීම් පවතින බව එම වාර්තාවල සඳහන් වේ. ඉරානය විසින් සමුද්‍ර සන්ධියේ අතුරා ඇති බෝම්බ ඉවත් කිරීමට ඇමරිකාව උත්සාහ කිරීම සහ ඉරානය පනවා ඇති නාවික සීමාවන් ලිහිල් කරන ලෙස ඉල්ලා සිටීම මෙම ගැටුමට මූලික හේතුව වී ඇත.
මේ වන විට සාකච්ඡා වට දෙකක් අවසන් වී ඇති අතර, තීරණාත්මක තෙවන වටයේ සාකච්ඡා අද (12) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර ප්‍රජාව මෙම සාකච්ඡා දෙස ඉතා අවධානයෙන් පසුවන්නේ, තෙවන වටයේදී හෝ යම් එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත් හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර විය හැකි බැවිනි.













