බිබිල – මොණරාගල ප්‍රධාන මාර්ගයේ මැදගම 7 කණුව ප්‍රදේශයේදී අද (11) දින සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් බිබිල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














