හයිටි රාජ්‍යයේ යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ලාෆෙරියර් බලකොටුවේ (Laferriere Citadel) පැවැති වාර්ෂික උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමකින් පුද්ගලයින් 25 දෙනෙකු මියයාම හේතුවෙන් එරට රජය විසින් හෙට (අප්‍රේල් 14) සිට ක්‍රියාත්මක වන පරිදි දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ප්‍රංශයෙන් නිදහස ලැබීමෙන් පසු 19 වන සියවසේ මුල් භාගයේදී ඉදිකරන ලද මෙම ඓතිහාසික බලකොටුව නැරඹීමට පැමිණි සිසුන් සහ සංචාරකයින් විශාල පිරිසක් අතර මෙම තෙරපීම හටගෙන ඇත. මියගිය සංඛ්‍යාව මුලින් 30ක් ලෙස වාර්තා වුවද, පසුව බලධාරීන් විසින් එය 25ක් ලෙස සංශෝධනය කරන ලදී.
රට අමතමින් අගමැති අලික්ස් ඩිඩියර් ෆිල්ස්-අයිමේ (Alix Didier Fils-Aimé) ප්‍රකාශ කළේ, මියගිය අය වෙනුවෙන් රජය සිය ශෝකය ප්‍රකාශ කරන බවත්, වින්දිතයන්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා අවශ්‍ය සියලුම වියදම් රජය විසින් දරනු ලබන බවත්ය. මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ලෝක අවධානය වෙනතක යොමුව ඇති මොහොතක හයිටි රාජ්‍යයෙන් මෙම ශෝකජනක පුවත වාර්තා විය.













