ඉරානය අත්පත් කර ගැනීම සඳහා ඊශ්‍රායලයට සහාය වීමට තම හමුදාවේ භටයින් 100,000ක් එවන බව උගන්ඩා හමුදා ප්‍රධානී මුහූසි කයිනෙරුගාබා (Muhoozi Kainerugaba) සිය ‘එක්ස්’ (X) ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. උගන්ඩා හමුදාව ගෝලීය හමුදා ශක්තියෙන් 107 වන ස්ථානයේ පසු වුවද, තම හමුදාවේ එක් බලකායකට ටෙහෙරානය අල්ලා ගත හැකි බව ඔහු එහි සඳහන් කර ඇත. තමා සතුව යුද්ධයට කැමති තරුණයන් 500,000ක් පමණ සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය වන්නේ මුදල් පමණක් බවත් පවසන හමුදා ප්‍රධානියා, මැදපෙරදිග යුද්ධය ඉක්මනින් අවසන් විය යුතු බවත් ඊශ්‍රායලය පරාජය කිරීමට උත්සාහ කරන ඕනෑම රටක් තමාව යුද්ධයට ඇද දමන බවත් පවසා තිබේ.
මෙම යුද සහය දැක්වීම වෙනුවෙන් ඔහු අපූරු කොන්දේසියක් ද ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා තුර්කියෙන් ඩොලර් බිලියනයක මුදලක් සහ එරට සිටින සුරූපීම කාන්තාව තම මනාලිය ලෙස ලබා දිය යුතු බව ඔහු ප්‍රකාශ කර ඇත. 51 හැවිරිදි ජෙනරාල් කයිනෙරුගාබා යනු වසර 40කට ආසන්න කාලයක් උගන්ඩාව පාලනය කරන ජනාධිපති යොවේරි මුසවේනිගේ පුත්‍රයා වන අතර, ඔහු එරට මීළඟ අනුප්‍රාප්තිකයා ලෙස ද සැලකේ.














