මහනුවර හන්තාන කඳු පන්තියේ “කටුසු කොන්ද” තරණය කිරීමට ගොස් මීදුම සහ අන්ධකාරය හේතුවෙන් අතරමංව සිටි පුද්ගලයෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් වී තිබේ. 111 වන පාබල බලසේනාවට අයත් 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී.
ඊයේ (අප්‍රේල් 12) පස්වරුවේ ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ යුද හමුදා කණ්ඩායමක්, දැඩි මීදුම සහ දුෂ්කරතා මධ්‍යයේ රාත්‍රිය පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසු අද (13) පෙරවරු 07:45 ට පමණ අදාළ පුද්ගලයා සොයාගෙන ඇත. යුද හමුදාවේ කඩිනම් මැදිහත්වීම මත අතුරුදන්ව සිටි පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූ බව බලධාරීන් සඳහන් කරයි.














