ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර දැනට පවතින සටන් විරාමය “ඉතා බිඳෙනසුලු” මට්ටමක පවතින බව චීන විදේශ අමාත්‍ය වන්ග් යී (Wang Yi) අද (අප්‍රේල් 13) ප්‍රකාශ කළේය. පවතින සටන් විරාමය අඩපණ කරන හෝ ගැටුම් උත්සන්න කරන ඕනෑම ක්‍රියාවකට එක්සත්ව විරුද්ධ වන ලෙස ඔහු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
සිය පාකිස්තාන සගයා වන මොහොමඩ් ඉෂාක් ඩාර් (Mohammad Ishaq Dar) සමඟ පැවැති දුරකථන සාකච්ඡාවකදී චීන විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. එහිදී ඔහු අවධාරණය කළේ දැනට පවතින ප්‍රමුඛතම අවශ්‍යතාවය වන්නේ යළිත් සතුරුකම් ආරම්භ වීම වැළැක්වීම සහ දැඩි උත්සාහයකින් ලබාගත් මෙම සටන් විරාමයේ ගම්‍යතාවය ආරක්ෂා කර ගැනීම බවයි. ඇමෙරිකාව විසින් ඉරාන වරායන් අවහිර කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ කලාපීය උණුසුම ඉහළ ගොස් ඇති පසුබිමක චීනය මෙම ප්‍රකාශය සිදු කර තිබේ.














