ගල්කිස්ස ප්‍රදේශයේදී ශ්‍රී ලාංකික කාන්තාවකට සහ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් යුක්‍රේන ජාතික කාන්තාවක රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කලත්‍ර වීසා (Spouse Visa) මත වසර 18ක පමණ කාලයක සිට රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම 37 හැවිරිදි කාන්තාව, ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදු කර ඇති බව වාර්තා වේ.
එම අවස්ථාවේ තත්ත්වය පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරියාට ද ඇය විසින් පහර දී ඇති අතර, පසුව පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එහිදී අදාළ කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














