ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික අවහිරතාවයක් පැනවීමට නියෝග කිරීමත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව දැඩි අවිශ්චිතතාවක් නිර්මාණය වී තිබේ. මේ හේතුවෙන් බොහෝ නෞකා හිමියන් සිය ගමන්වාර තාවකාලිකව නතර කිරීමට හෝ නෞකා ආපසු හරවා යැවීමට පියවර ගැනීම නිසා කලාපයේ නාවික ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට ඇති බව වාර්තා වේ.
තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබෙන තෙක් අවදානමක් ගැනීමට නෞකා හිමියන් මැලිවීම නිසා මෙම තදබදය හටගෙන ඇත. මෙම තත්ත්වයේ සෘජු බලපෑමක් ලෙස ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්‍රයෙන් උච්චාවචනය වීමට පටන් ගෙන ඇති අතර, එය ලෝක ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් වී තිබේ.
මැදපෙරදිග පවතින මෙම උණුසුම්කාරී වාතාවරණය පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ස්වාධීන මැදිහත්වීමක් සිදු කිරීමට සූදානම් වන පසුබිමක, හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින මෙම “නාවික අගුලු වැටීම” (Traffic Freeze) ඉදිරි දින කිහිපය තුළ ලෝක බලශක්ති සැපයුමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) ඇසුරින්














