ගණේමුල්ල ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා භාවිත කළ මෝටර් රථ දෙකක් අද (13) පොලිස් භාරයට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් මෙම වැටලීම සිදුකර ඇත.
පසුගිය අප්‍රේල් 12 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 300ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 946ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත මෙම මෝටර් රථ සොයා ගැනීමට හැකි වී තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම රථ දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා සූක්ෂ්ම ලෙස යොදාගෙන ඇති බවයි.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.














