හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින නාවික අවහිරතාවය සහ මැදපෙරදිග උද්ගතව ඇති යුදමය වාතාවරණය සම්බන්ධයෙන් චීනය සිය ස්ථාවරය යළිත් දැඩි කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. වත්මන් යුද ප්‍රතිපත්ති, හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින අනාරක්ෂිත බව සහ ගෝලීය ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සම්පූර්ණ වගකීම දැරිය යුතු බව චීන බලධාරීන් අවධාරණය කරයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් සහ සමුද්‍ර සන්ධිය ඉලක්ක කරගනිමින් පනවා ඇති නාවික අවහිරතාවය, ජාත්‍යන්තර වෙළඳාමට සහ බලශක්ති සැපයුමට එල්ල වී ඇති ප්‍රබලම බාධාව බව චීනයේ මතය වී ඇත. චීනය පෙන්වා දෙන්නේ ඇමෙරිකාවේ මෙම ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග හේතුවෙන් මුළු ලෝකයම ආර්ථික සහ ආරක්ෂක අවදානමකට ලක්ව ඇති බවයි.
චීන ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශ අමාත්‍යාංශය මීට පෙරද සඳහන් කළේ ඉරානය සමඟ පවතින වෙළඳ සබඳතා තමන් දිගටම පවත්වාගෙන යන බවත්, බාහිර බලපෑම්වලට යටත් නොවන බවත්ය. ඇමෙරිකාව සහ චීනය අතර හෝමුස් සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කරගනිමින් පවතින මෙම මතවාදී සහ යුදමය නොසන්සුන්තාව, ලෝක බලවතුන් දෙදෙනා අතර සෘජු ගැටුමකට මග පාදනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ බිය පළ කරති.
තොරතුරු උපුටා ගැනීම: china pulse (x) ඇසුරින්














