සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව සිදුවන අද (14) දිනයේ මගී අවශ්‍යතාවය මත පදනම්ව සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. මගීන්ගේ අඩුවක් දක්නට ලැබුණද, පවතින ඉල්ලුමට සරිලන පරිදි සෑම ප්‍රදේශයකටම බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය. විශේෂයෙන්ම කොළඹ බැස්ටියන් මාවත, මාකුඹුර, කඩවත සහ කඩුවෙල යන ප්‍රධාන මධ්‍යස්ථානවල සිට ප්‍රධාන නගර කරා මෙම බස් සේවාවන් ක්‍රියාත්මක වේ.
මේ අතර අද දිනයේ දුම්රිය ධාවනය ද සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. කොළඹ සිට පිට පළාත් කරා යන මගීන්ගේ අඩුවක් නිරීක්ෂණය වීම හේතුවෙන් සාමාන්‍ය ධාවන වාර කිහිපයක් සීමා කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංග සමරසිංහ මහතා පැවසීය. කෙසේ වෙතත්, කොළඹ සිට ධාවනය වන සියලුම සීඝ්‍රගාමී දුම්රියන්, තැපැල් දුම්රියන් සහ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් කිසිදු වෙනසකින් තොරව සාමාන්‍ය පරිදි ධාවනය වන බවද ඔහු වැඩිදුරටත් තහවුරු කළේය.














