ඊශ්‍රායලයට අමෙරිකානු අවි අලෙවි කිරීම වහාම නතර කරන ලෙසත්, ඊශ්‍රායලයට ලබාදෙන හමුදා ආධාර නතර කරන ලෙසත් බලකරමින් නිව්යෝර්ක් නුවර ඊයේ (අප්‍රේල් 13) පැවැති දැවැන්ත විරෝධතාවයකදී පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ. ‘Jewish Voice for Peace’ නමැති යුද විරෝධී සංවිධානය පවසන පරිදි පුද්ගලයන් 90ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, ඒ අතර විකිලීක්ස් (WikiLeaks) තොරතුරු හෙළිදරව් කරන්නියක වන චෙල්සි මැනිං (Chelsea Manning) ද සිටින බව වාර්තා වේ.
සෙනෙට් සභික චක් ෂූමර් සහ කර්ස්ටන් ගිලිබ්‍රෑන්ඩ්ගේ කාර්යාල අසල රැස්වූ විරෝධතාකරුවන්, “බෝම්බ හෙළීම නතර කරනු”, “ඝාතන නතර කරනු” සහ “පලස්තීනය නිදහස් කරනු” යනුවෙන් සටන් පාඨ ඉදිරිපත් කර ඇත. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාරයන්ට මෙන්ම, ගාසා තීරයේ සහ ලෙබනනයේ ඊශ්‍රායලය සිදුකරන මිලිටරි ක්‍රියාන්විතයන්ට ද මෙහිදී සිය දැඩි විරෝධය පළ කර තිබේ.














