ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා කාර්මික අංශවල රැකියා නියුක්තියේ අඩුවීමක් පෙන්නුම් කරන අතර සේවා අංශය තුළ රැකියා නියුක්තිය කැපී පෙනෙන ලෙස වර්ධනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දෙයි. 2024 වසරේදී සමස්ත රැකියා නියුක්තියෙන් 26% ක්ව පැවති කෘෂිකාර්මික අංශයේ දායකත්වය 2025 සිව්වන කාර්තුව වන විට 23.2% දක්වා පහත වැටී ඇති අතර කාර්මික අංශයේ රැකියා නියුක්තිය ද 2025 තෙවන කාර්තුවේ පැවති 26.8% සිට සිව්වන කාර්තුව වන විට 26% දක්වා අඩු වී තිබේ. කෙසේ වෙතත් සේවා අංශය මෙම කාලසීමාව තුළ දැඩි වර්ධනයක් අත්කර ගනිමින් එහි රැකියා නියුක්ති දායකත්වය 48.5% සිට 50.6% දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව ඇත්තේ මෙරට ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනසක් සිදුවෙමින් පවතින බව සනාථ කරමිනි.














