දිල්ලියේ වසන්ත් එන්ක්ලේව් ප්‍රදේශයේ පිහිටි සිය නිවස ඉදිරිපිට ප්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීම පිළිබඳව විරෝධය දැක්වූ 53 හැවිරිදි යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ මත්පැන් පානය කිරීමට යොදාගත් මර්සිඩීස් රථය ද අත්අඩංගුවට ගත් බවත්, සැකකරුවන් ගුවන් සේවා සමාගමක අධ්‍යක්ෂවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු බවත්ය. මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ දිල්ලි පොලිසිය සඳුදා දින නඩුවක් ගොනුකර අඟහරුවාදා වන විට සැකකරුවන් කොටු කරගැනීමට සමත් විය.














