වෙන්නප්පුව, දුම්මලදෙනිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 75කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය සමත්ව තිබේ. ඩුබායි රාජ්‍යයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ‘හයිටොප් තුෂාර’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන මොහු, කාලයක සිට ප්‍රදේශය පුරා මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිට ඇති බව අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වෙන්නප්පුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, රඳවා තබා ගැනීමේ නියෝග මත ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කිරීමට නියමිතය.














