පවතින උණුසුම් වාතාවරණය සමනය කර ගැනීම සඳහා ඉරානය සැමවිටම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගවලට ප්‍රමුඛතාව ලබා දෙන බව ඉරාන ජනාධිපති මසූඩ් පීසෙෂ්කියන් ප්‍රකාශ කර තිබේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ පැවති දුරකථන සංවාදයකදී ඔහු අවධාරණය කර ඇත්තේ සාම සාකච්ඡා සඳහා තම රට සූදානම් බවයි. තර්ජන සහ හමුදාමය ක්‍රියාමාර්ග මගින් ගැටලු තවදුරටත් උග්‍ර වන බවත්, කලාපීය ස්ථාවරත්වය ඇති කළ හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවත් පෙන්වා දී ඇති ඉරාන ජනාධිපතිවරයා, ඇමරිකාව ගනු ලබන දැඩි තීරණ මගින් ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.














