බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සංස්කෘතික උත්සවය අද (14) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ගම්පහදී පැවැත්වුණි. පුණ්‍ය කාලය තුළ ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරිය, අනතුරුව සුබ නැකතට අනුව පැළයක් රෝපණය කරමින් වැඩ ඇල්ලීමේ චාරිත්‍රයට එක් වූ අතර, දරුවන් සමඟ අකුරු කියවීමට සහ සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවන්හි නිරත වීමට ද කටයුතු කළාය. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේදී, අභියෝග ජය ගැනීමට සහය වූ දෙස් විදෙස් ලාංකික සැමට අග්‍රාමාත්‍යවරිය සිය ස්තුතිය පළ කරමින් සුබ පැතුම් එක් කළාය.














