නීති පද්ධතිය තුළ කෘතිම බුද්ධිය (AI) භාවිතය මඟින් කාර්යක්ෂමතාව සහ වේගය වැඩි කරගත හැකි වුවද, මනුෂ්‍යයන්ගේ ඉරණම තීරණය කිරීමේදී AI පද්ධති කෙරෙහි කෙතරම් දුරට විශ්වාසය තැබිය හැකිද යන්න පිළිබඳව ලෝක අවධානය යොමු වී තිබේ. කසකස්ථානයේ අස්තානා නුවර පැවති ‘International MaxUp Legathon’ සමුළුවේදී රටවල් 13ක සිසුන් සහ ප්‍රවීණයන් පෙන්වා දුන්නේ, AI පද්ධතියක් මඟින් වැරදි සහගත හෝ නීති විරෝධී තීන්දුවක් ලබාදුන්නහොත් ඒ වෙනුවෙන් වගකියන්නේ කවුද යන්න බරපතල ගැටලුවක් බවයි. සදාචාරාත්මක තීරණ ගැනීමේදී සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමේදී මානුෂීය මැදිහත්වීම අත්‍යවශ්‍ය වන බැවින්, AI තාක්ෂණය සහායක මෙවලමක් ලෙස මිස විනිසුරුවරුන් හෝ නීතිඥයන්ට පූර්ණ ආදේශකයක් ලෙස යොදාගත නොහැකි බව මෙහිදී අවධාරණය කෙරිණි.














