දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) මධ්‍යහ්නයේ නිකුත් කරන ලද මෙම නිවේදනය රාත්‍රී 11.00 දක්වා වලංගු වන අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුර, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලට මෙම බලපෑම එල්ල විය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින්, අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත්, එළිමහන් ස්ථානවල හෝ ගස් යට රැඳී සිටීමෙන් වළකින ලෙසත් කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.














