කැනඩාවේ පැවති අතුරු මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට අග්‍රාමාත්‍ය මාර්ක් කර්නිගේ නායකත්වයෙන් යුත් ලිබරල් පක්ෂය සමත්ව තිබේ. අතුරු මැතිවරණය පැවැත්වූ ආසන තුනම ජයග්‍රහණය කිරීමත් සමඟ, ආසන 343කින් සමන්විත එරට මහජන මන්ත්‍රී මණ්ඩලයේ (House of Commons) ආසන 174ක් හිමිකර ගනිමින් සුළු බහුතර බලයක් තහවුරු කර ගැනීමට ඔවුන් සමත්ව ඇත. මෙම ජයග්‍රහණයත් සමඟ කැනේඩියානු රජයේ ඉදිරි පාලන කටයුතු වඩාත් ස්ථාවර මට්ටමකට පත්වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.














