2026 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව හිස තෙල් ගෑමේ නැකත හෙට (15) පෙරවරු 6:55 ට යෙදී තිබේ. මෙවර හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් හා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ. නැකතට අනුව කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී, නැගෙනහිර දිශාව බලා, හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා තෙල් හා නානු ගා ස්නානය කිරීම සිදු කළ යුතු බව උපදෙස් දී තිබේ.













