අලුත් අවුරුදු සමයේ වතු කම්කරු ජනතාවට රජයේ මත්පැන් බෝතල් වැඩි මිලට අලෙවි කිරීම සඳහා සඟවා තබාගෙන සිටි පුද්ගලයෙකු තලවකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තලවකැලේ හොලිරූඩ් වත්තේ නිවසක රහසිගතව ගබඩා කර තිබූ රජයේ මත්පැන් බෝතල් 120ක තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එක් මත්පැන් බෝතලයක් රුපියල් 9,000 වැනි අධික මිලකට අලෙවි කිරීමට සැකකරු සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. තලවකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.













