මුහුදු සීමා උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු මන්නාරමට උතුරින් වූ මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රාමේස්වරම් ප්‍රදේශයේ සිට පැමිණි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාව විසින් වාර්ෂිකව පනවනු ලබන දින 61ක ධීවර තහනම ආරම්භ වීමට පැය කිහිපයකට පෙරය. ධීවරයින් සමඟ ඔවුන් පැමිණි යාන්ත්‍රික බෝට්ටුව ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් වැඩිදුර නීතිමය කටයුතු සඳහා මන්නාරම නාවික කඳවුර වෙත රැගෙන ගොස් ඇත.














