ඉරානය කේන්ද්‍ර කරගනිමින් මධ්‍ය පෙරදිග හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් 2026 වසර සඳහා වූ ගෝලීය ආර්ථික වර්ධන වේගය සියයට 3.1 දක්වා පහත හෙළීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පියවර ගෙන තිබේ. මෙය පසුගිය ජනවාරි මාසයේ සිදුකළ පුරෝකථනයට වඩා සියයට 0.2ක අඩුවීමකි. යුද්ධය දිගුකාලීනව පැවතුණහොත් සහ බලශක්ති මිල ගණන් සියයට 100-200ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගියහොත්, ගෝලීය ආර්ථික වර්ධනය සියයට 2 දක්වා පහත වැටී ලෝකය දරුණු ආර්ථික පසුබෑමකට (Global Recession) ගොදුරු විය හැකි බව ඔවුන් නිකුත් කළ නවතම ලෝක ආර්ථික දැක්ම (World Economic Outlook) වාර්තාවේ සඳහන් වේ. ඉතිහාසයේ නොවූ විරූ බලශක්ති අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව ද එම අරමුදල වැඩිදුරටත් අවධාරණය කරයි.














