අමෙරිකා එක්සත් ජනපදය විසින් චීනයට එරෙහිව තීරුබදු ඉහළ නැංවීමට කටයුතු කළහොත් ඊට එරෙහිව තීරණාත්මක “ප්‍රති-පියවර” ගන්නා බව චීනය අනතුරු අඟවා තිබේ. චීනය විසින් ඉරානයට මිලිටරි සහාය ලබා දෙන බවට අමෙරිකාව එල්ල කරන චෝදනා සාවද්‍ය බවත්, එවැනි පදනම් විරහිත චෝදනා මත පනවන සීමාවන් පිළිගත නොහැකි බවත් චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි. මධ්‍ය පෙරදිග යුධ වාතාවරණය හමුවේ දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික නොසන්සුන්තාවය මෙම ප්‍රකාශයත් සමඟ තවදුරටත් උත්සන්න වී තිබේ.














