එලොන් මස්ක්ට අයත් xAI සමාගම සිය දත්ත මධ්‍යස්ථානය බලගැන්වීම සඳහා අවශ්‍ය වායු බලපත්‍ර ලබා ගැනීමට පෙර නීති විරෝධී ලෙස ගෑස් ටර්බයින් 27 ක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින් ඇමරිකාවේ විශාලතම සිවිල් අයිතිවාසිකම් සංවිධානය වන NAACP නඩු පවරා තිබේ මිසිසිපි ප්‍රාන්තයේ පිහිටි මෙම Colossus 2 දත්ත මධ්‍යස්ථානය හරහා Grok චැට්බොට් (Chatbot) සඳහා අවශ්‍ය බලය සපයනු ලබයි බලපත්‍ර රහිතව මෙම ටර්බයින් ක්‍රියාත්මක කිරීම මගින් ෆෙඩරල් පිරිසිදු වායු පනත උල්ලංඝනය වන බවත් එමගින් ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල වන බවත් NAACP සංවිධානය පෙන්වා දෙයි
මෙම බලාගාරය මගින් වාර්ෂිකව නයිට්‍රජන් ඔක්සයිඩ් ටොන් 1700 ක් සහ පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය ටොන් ගණනාවක් වායුගෝලයට මුදා හැරීමේ අවදානමක් පවතින බව පරිසරවේදීන් අනතුරු අඟවයි නවෝත්පාදනය යන නාමය යටතේ මෙලෙස පරිසර නීති උල්ලංඝනය කරමින් ජනතාවට විෂ වායු ආශ්වාස කිරීමට සැලැස්වීම පිළිගත නොහැකි ක්‍රියාවක් බව NAACP සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි ඩොලර් බිලියන 20 කට වඩා ආයෝජනය කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා මිසිසිපි ආණ්ඩුකාරවරයාගේ සහාය හිමිව තිබුණ ද ප්‍රාදේශීය ප්‍රජාවන්ගෙන් මෙයට එල්ල වන්නේ දැඩි විරෝධයකි















