ඉරානය සමඟ පවතින යුද්ධය බොහෝ දුරට අවසන් වී ඇති බව තමන් විශ්වාස කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ ෆොක්ස් නිව්ස් (Fox News) පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ යුද්ධය නිමා වීමට ඉතා ආසන්න බවත් තමන්ට පෙනෙන ආකාරයට එය අවසන් වෙමින් පවතින බවත්ය මෙම සම්මුඛ සාකච්ඡාවේ කොටස් කිහිපයක් මේ වන විටත් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී ඇත
ඇමරිකාව මේ මොහොතේ ඉරානයෙන් ඉවත් වුවහොත් එරට යළි ගොඩනැගීමට ඉරානයට වසර 20 ක් පමණ ගත වනු ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය තමන් තවමත් සිය මෙහෙයුම් අවසන් කර නොමැති බවත් ඉදිරියේදී සිදුවන දේ පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය ඉරානය ඇමරිකාව සමඟ නව එකඟතාවයකට හෝ ගිවිසුමකට එළඹීමට දැඩි උනන්දුවකින් පසුවන බව තමන් විශ්වාස කරන බව ද ජනාධිපති ට්‍රම්ප් මෙහිදී අවධාරණය කළේය















