ඇමරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා යළි ආරම්භ වනු ඇතැයි යන අපේක්ෂාවත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 ට වඩා පහත වැටීම හේතුවෙන් ඉන්දියානු කොටස් වෙළඳපොළ අද (15) ඉහළ අගයකින් ආරම්භ වීමට නියමිතව තිබේ අනෙකුත් ආසියානු වෙළඳපොළවල් මෙන්ම ඉන්දියාවේ නිෆ්ටි 50 (Nifty 50) දර්ශකය ද සඳුදා දිනට වඩා 1.6% ක පමණ වර්ධනයක් පෙන්වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පුරෝකථනය කරති
පෙබරවාරි 28 වනදා ඉරාන යුද්ධය ආරම්භ වූ දින සිට ඉන්දියානු කොටස් වෙළඳපොළ දර්ශක 5.3% කින් පමණ පහත වැටී තිබුණේ බොරතෙල් මිල ඉහළ යාම සහ බලශක්ති සැපයුම පිළිබඳ පැවති අවිනිශ්චිතතාවය හේතුවෙනි යුද්ධය ආරම්භ වූ දින සිට විදේශීය ආයෝජකයන් ඉන්දියානු කොටස් වෙළඳපොළෙන් ඩොලර් බිලියන 17.7 කට අධික මුදලක් ඉවත් කරගෙන තිබේ කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ කලාපීය ආතතිය සමනය වනු ඇතැයි යන විශ්වාසය මත ආයෝජකයන් යළිත් කොටස් වෙළඳපොළ කෙරෙහි උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබේ














